Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් ස්ථාන දෙකකදී Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අද (3) සමත් විය.

ඒ අනුව, කුච්චවේලි පොලීසිය සමග එක්ව කළ වැටළීමකදී Water Gel කූරු කිලෝග්‍රෑම් 5.5 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, මෙම පුපුරන ද්‍රව්‍ය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දී ඇත.

තවද, එදිනම නාවික හමුදා පුද්ගලයින් සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය සමග එක්ව සිදු කරන ලද සෝදිසී මෙහෙයුමකදී, අරිසිමලේ ප්‍රදේශයේ දී Water gel කූරු කිලෝග්‍රෑම් 2.6 ක් සොයා ගන්නා ලදි. විදුලි නොවන ඩෙටර්නේටර් 15 ක් සහ අඩි 3 ක් දිග සේවා නූල් 3 ක් ද මේ අතර, සොයා ගන්නා ලදී.

2004 වසරේදී ධීවර හා ජලජ සම්පත් අංක 2 පනතට අනුව, මෙම පුපුරණ ද්‍රව්‍ය මසුන් මැරීම සඳහා යොදා ගැනීම තහනම් කර ඇත.