අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවරයින් 38 කට නිදහස
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර අනවසර ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු යලි එරටට භාර දීම අද (4) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ඒ අනුව, එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 43 වේග ප්‍රහාරක යාත්‍රාව සහභාගී විය. ඔවුන් භාර ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අයුෂ්’ නෞකාව ද පැමිණ තිබුණි.

පසුගිය මාර්තු මස 20 වන දින දක්වා වූ කාල සීමාව තුල මෙම ධීවරයින් පසුගිය මාර්තු මස 20 වන දින අනවසරයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුකොටගෙන අත්අඩංගුවට පත් වී ඇත. එමෙන්ම, මීට පෙර ශ්‍රී ලංකා අත්අඩංගුවට පත් වී නිදහස් කෙරුනු ඉන්දීය ධීවරයින් 136 දෙනෙකු සමඟින් සමස්ථ ධීවරයින් 174 දෙනෙකු මෙම වර්ෂය තුළදී පමණක් භාරදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සලසා ඇත.