නීති විරෝධී ලෙස තඹ තහඩුවක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

බටහිර නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 4 වන දින ගම්පොල, මහර ප්‍රදේශයේදී අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් අත්අඩංගුවට ගෙන ඇත.

එම තඹ තහඩුව කිලෝග්‍රෑම් 56.5 කින් යුක්ත වන අතර, එය වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, වෑන් රථය සහ තඹ තහඩුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.