වැදගත් සිදුවීම්

සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2017 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් අද (8) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

08 Apr 2017

නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදා සබ්මැරීන් බලඇණියේ සහ විශේෂ යාත්‍රා බලඝණයේ සංචාරයක නිරත වෙයි
 

මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන ලතින් ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගී වී සිටින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (7) බ්‍රසීල නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසලේ සංචාරයක නිරත විය.

08 Apr 2017