Water Gel කූරු කිලෝග්‍රෑම් 6.370 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසන් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (8) එරක්කන්ඩි ප්‍රදේශයේ දී Water Gel කූරු 49ක් (කිලෝග්‍රෑම් 6.370) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එම සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය දූෂණ මර්ධණ ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.