වැදගත් සිදුවීම්

නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක මරණාධාර ප්‍රදානයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටි නායක නැවි (කිමිදුම්) කේඒඑස්සී කුමාර යන නාවිකයාගේ හදිසි වියෝවීම වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් අද (9) රුපියල් මිලියනයක රක්ෂණ වන්දි ප්‍රේශණපත, ගලෙන්බිදුනුවැව පිහිටි නිවසේ දී ඔහුගේ බිරිඳ වෙත ලබාදීම සිදු කෙරිණි.

09 Apr 2017

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ සමුදුර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල යන නෞකාවන් පසුගිය 4 වන දින සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

09 Apr 2017

Water Gel කූරු කිලෝග්‍රෑම් 6.370 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසන් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (8) එරක්කන්ඩි ප්‍රදේශයේ දී Water Gel කූරු 49ක් (කිලෝග්‍රෑම් 6.370) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Apr 2017