වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධ ජල මානක සමීක්ෂණයක නිරත වෙයි
 

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව මේ වන විටත් ජල මානක සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවන් වන දර්ශක් නෞකාව ද එක්වී ඇත.

12 Apr 2017

ලුතිනන් ගුණවර්ධන විසින් රචනා කරන ලද කෘති 2 ක් එළි දැක්වේ
 

ලුතිනන් විශන්ක ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘පවුල ලොවේ උතුම්ම සම්පතයි’ සහ ‘ප්‍රායෝගික මනෝ චිකිත්සා’ නමැති කෘති දෙකක් එළිදැක්වීමේ උළෙල අද (12) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

12 Apr 2017

රෝගියෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට නාවික හමුදාවේ සහාය
 

පූක්කුලම් පිහිටි වෙරළ නිරීක්ෂණ ස්ථානයට ලද තොරතුරක් මත හදිසි අනතුරකට පත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (45) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා සිලාවතුර රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව අද (12) සහාය විය.

12 Apr 2017