රෝගියෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට නාවික හමුදාවේ සහාය
 

පූක්කුලම් පිහිටි වෙරළ නිරීක්ෂණ ස්ථානයට ලද තොරතුරක් මත හදිසි අනතුරකට පත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (45) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා සිලාවතුර රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව අද (12) සහාය විය.

ඔහු හදිසි අනතුරකට පත් වීමෙන් හිසෙහි තුවාල සිදු වී තිබූණි. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව, වයඹ නාවික විධානයට අනුයුක්ත පී 141 දරණ වෙරළාරක්ෂක යාත්‍රාව මගින් එම රෝගියා රෝහල වෙත රැගෙන යාමට සහාය දක්වන ලදී.