මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු යාත්‍රා දෙකෙහි ඇති වු ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකායේ සහය
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සහ මාතර මහ නගර සභාව එක් සිදු කළ එකාබද්ධ මෙහෙයුමකින් ඊයේ (14) මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු Ceylon Speed Liner පුද්ගලික සමාගමට අයත් ' ඩීප් බ්ලූ ' සහ 'ස්පීඩ් ලයින් ' යන තල්මසුන් නැරඹීමේ යාත්‍රා දෙකෙහි ඇති වු ගින්න මැඩ පවත්වන ලදී.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකයේ ‘CG 12’ යාත්‍රාව සහ වෙරළ ආරක්ෂක බළකායේ රෝහණ ආයතනයේ හදිසි අවස්ථා කණ්ඩායම ගින්න හටගත් ස්ථානයට ප්‍රථමයෙන් ලගා වූ අතර, ඔවුන් සියළුම ගිනි නිවිමේ උපක්‍රම සහ උපකරණ යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කරන ලදී. මේ අතරතුර මාතර මහ නගර සභාවේ ගිනි නිවිමේ භටයන් ද මෙම ස්ථානයට පැමිණ ඔවුන්ගේද ගිනි නිවිමේ උපකරණ යොදා ගනිමින් ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වන ලදී. තවද ඒ අසළ තිබු යාත්‍රාවන්ට ගින්න පැතිර යාමද පාලනය කරන ලදී.

මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී, වෙරළ ආරක්ෂක බළකායට අයත් ‘CG 12’ යාත්‍රාව මගින් එම ස්ථානයේ තිබු අනෙකුත් සියළුම යාත්‍රා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එමගින් මිරිස්ස ධීවර වරායේ නැංගුරම්ලා තිබු අනෙකුත් තල්මසුන් නැරඹීමේ යාත්‍රා සහ ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට හැකි විය.