ජෙලට්නයිට් කූරු 55 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී අද (17) කින්නියා ප්‍රදේශයේදී ජෙලට්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.425 ක් (කූරු 55ක්) සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ජෙලට්නයිට් තොගය ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ අතර, ඒවා නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබී ඇත. සැකකරු සහ ජෙලට්නයිට් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.