වැදගත් සිදුවීම්

ජෙලට්නයිට් කූරු 55 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී අද (17) කින්නියා ප්‍රදේශයේදී ජෙලට්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.425 ක් (කූරු 55ක්) සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.

17 Apr 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) පුල්මුඩේ, කොඩුවකට්ටුමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 Apr 2017