විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් බලපත්‍ර රහිතව, නීති විරොධී ලෙස ‍මෝටර් රථයක් මගින් මෙම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහනය කරමින් සිටි අතර, එම පුද්ගලයන්, මෝටර් රථය සහ මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.