වැදගත් සිදුවීම්

ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) නාලිකා තුෂාන්ති පෙරේරා විසින් නාවික හමුදාවට රු. 341,470 ක මූල්‍යමය පරිත්‍යාගයක්
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කොට විශ්‍රාම ගෙන සිටින ලුතිනන් කොමාණ්ඩර් ඒඒ නාලිකා තුෂන්ති පෙරේරා මහත්මිය විසින් රුපියල් 341,470. 00 ක මුදලක් නාවික හමුදා සමාජ සත්කාරක සුභ සාධන අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

19 Apr 2017

විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්ධණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

19 Apr 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.265 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සිදු කළ වැටලීමකදී ඊයේ (18) චාවකච්චේරි හි පිරිටි කුඩායිරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.265 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

19 Apr 2017