ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) නාලිකා තුෂාන්ති පෙරේරා විසින් නාවික හමුදාවට රු. 341,470 ක මූල්‍යමය පරිත්‍යාගයක්
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කොට විශ්‍රාම ගෙන සිටින ලුතිනන් කොමාණ්ඩර් ඒඒ නාලිකා තුෂන්ති පෙරේරා මහත්මිය විසින් රුපියල් 341,470. 00 ක මුදලක් නාවික හමුදා සමාජ සත්කාරක සුභ සාධන අරමුදල වෙත පරිත්‍යාග කර ඇත. ඒ අනුව, එම මුදලට අදාළ ප්‍රේශණ පත අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්‍රදානය කෙරිණි.

එතුමිය විසින් රචනා කරන ලද ත්‍රිකුණාමලය වරාය සම්බන්ධ ඓතිහාසික තොරතුරු හා ඉපැරණි ලාංකීය නාවික තොටුපලවල්, හැමන්හිල් බලකොටුව, හෙලදිව කොඩි හා ජාතික කොඩියේ විකාශණය යන කෘතීන් අලෙවි කිරීමෙන් ලද ආදායම මෙසේ නාවික හමුදාව වෙත පරිත්‍යාග කර ඇත.

නාවික හමුදාව විසින් පොදු මහජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි මූල්‍යමය දායකත්වය සැපයීම උදෙසා, නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල වෙත එම මුදල් බැර කිරීමට කටයුතු කෙරිණි.