වැදගත් සිදුවීම්

අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් ‍කාර්යාලය විවෘත කිරීම අද දින (20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි.

20 Apr 2017

වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, කොඩ්ඩියාර් ධීවර වරායට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිදු කළ සෝදිසි කිරීමකදී එම වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13.2 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Apr 2017

අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (20) කටයුතු කරන ලදී.

20 Apr 2017

සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරියගේ රෝගාතුර දියණිය කෙරෙහි නාවික හමුදාවේ අවධානය
 

නාවික හමුදාවේ සේවයේ නියුතු සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරිය මහතාගේ දියණිය දීර්ඝ කාලීන රෝගාතුර තත්වයේ පසුවන බැවින්, ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සිදු කර ගැනීමේදී සහ ඇයගේ දෛනික කටයුතු සිදු කර ගැනීමේදී ඔවුන් මහත් අපහසුතාවයට පත් ව තිබුණි.

20 Apr 2017

හෙරොයින් ග්‍රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (19) පමුණුගම ප්‍රදේශයේදී යතුරු පැදියක් මගින් රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.

20 Apr 2017