වැදගත් සිදුවීම්

නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, නුවරඑළිය නගර සභාව සමග එක්ව සිව් වන වරටත් සංවිධානය කරන ලද නාවික හමුදා කුසලාන ජෙට් ස්කී තරඟාවලිය 2017 අද දින (22) නුවරඑළිය, ග්‍රෙගරි වැව් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Apr 2017

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Apr 2017

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2017’ ධාවන තරඟාවලිය මෙවර දියතලාව නරියා කන්ද ධාවන පිටියේ දී පැවැත්වූ අතර, එහි ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.

23 Apr 2017

අධික වටිනාකමින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් කිලෝග්‍රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Apr 2017