ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23), කුච්චවේලි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, තහනම් දැල් 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගලක්, මුහුණු ආවරණයක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 3 ක් සහ වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක්ද අත්අඩංගුවට ගැණිනි. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.