බලපත්‍ර රහිතව මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් අද (27) පේදුරුතුඩුව ප්‍රදේශයේ වල්ලිපුරම් කෝවිල ආසන්නයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මුහුදු වැලි කියුබ් 1 ක ප්‍රමාණයක් ලොරි රථයක් මගින් ‍‍ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, එම පුද්ගලයා සහ ලොරි රථය සමග වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.