තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

හම්බන්තොට නාවික අනුකණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ (30) එම වරාය පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

තඹ කම්බි තොගය කිලෝග්‍රෑම් 124 කින් යුක්ත වන අතර, එම පුද්ගලයා සහ තඹ කම්බි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට පොලිසීය වෙත භාර දීමට කටයුතු කෙරිණි.