හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වෙරළාරක්ෂ බළකායේ නාවිකයින් පිරිසක් සහ කොටවිල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (1) උඩුපිල, මිරිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටවිල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.