වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ‍ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින දෙවන අධි තාක්ෂණික නෞකාව නිළ වශයෙන් දියත් කිරීම පසු ගිය (2) වන දින සිදු කරන ලදී.

04 May 2017

රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී.

04 May 2017

‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එළිදකී
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 32 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (4) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.

04 May 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

සුහද සංචාරයක් සඳහා පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව අද (4) කොළඹ වරායට සේන්දු විය.

04 May 2017