වැදගත් සිදුවීම්

200 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජීය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.

05 May 2017

සර්වඥ ධාතුන් වහන්සේලා නාහමු වෙත වැඩම කෙරේ
 

ඊයේ (4) තිස්සමහාරාමයේ සඳගිරි මහ සෑයේ සිට ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මගින් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා අද උදේ 0900 වන විට නාවික හමුදා මුලස්ථානය වෙත වැඩම කරවන ලදී.

05 May 2017

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් සිංගප්පුරුව බලා පිටත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම පිණිස අද(5) කොළඹ වරායෙන් සිංගප්පුරුව බලා යාත්‍රා කරන ලදි.

05 May 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය ඇතුළත වරාය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (4) දින අත්අඩංගුවට ගෙන ඇත.

05 May 2017

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) උඩුත්තුරේයි ප්‍රදේශයේ සිදු කරන ලද රාත්‍රි පාමුර සංවාරයකදී අතහැර දමා ‍ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

05 May 2017