වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017