රෝගාබාධයකින් මියගිය ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරු සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහ යන නාවිකයා කාලයක් තිස්සේ පැවති රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඒ වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී. ඒ අනුව, මරදන්කඩවල පිහිටි එම නාවිකයාගේ නිවසේ දී එම රක්ෂණ වන්දි මුදලට අදාල ‍ප්‍රේශණපත ඔහුගේ බිරිද වෙත අද (11) ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

මෙම නාවිකයා 2011 වර්ෂයේ ‍දෙසැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට වඩු කාර්මික අංශයේ නාවිකයෙකු වශයෙන් සේවයට එක්වී ඇත. විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයට අනුයුක්තව රාජකරී සිදු කර ඇත. එක් දරු පියෙකු ද වන එම නාවිකයා රෝගී තත්ත්වය හේතුවෙන් මිය යන විට 25 වන වියේ පසු විය.

රජයේ නොවන අරමුදලක් යටතේ නාවික පුද්ගලයින්ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකමයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී ද මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍ වේ.