වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් චාන්ගි වරායට සේන්දු වෙයි
 

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පසුගිය 5 වන දින කොළඹ වරායෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් ඊයේ (12) සිංග්පූරුවේ චාන්ගි වරායට සේන්දු විය.

13 May 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (13) පස්වරු 1300 පැයට වත්තල, මාබෝල ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 400 ක් සමග පුද්ගලයන් දෙදෙ‍නෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

13 May 2017