වැදගත් සිදුවීම්

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය.

20 May 2017

රාජකීය කැනේඩියානු නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.

20 May 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි.

20 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 May 2017