බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

කිරින්ද වෙරළාරක්ෂක බලකා‍යට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා තිස්සමහාරමය, යෝධකණ්ඩිය ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් මගින් වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වේ. එම පුද්ගලයා, ට්‍රැක්ටර් රථය සහ වැලි ඉදිරි නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාමය පොලිස් ස්ථානය වෙත භාර දීමට ක‍ටයුතු කෙරිණි.