වැදගත් සිදුවීම්
නීති විරෝධී ගංජා හේන් දෙකක් සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
![](../assets/images/news/event_news/front_img/201705222015.jpg)
කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව කතරගම, දඹේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී.
22 May 2017
කැනේඩියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201705221915.jpg)
කැනේඩියානු රාජකීය නාවික හමුදාවේ සාගරික ආරක්ෂක සේවා සහ ශාන්තිකර කලාපීය ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් ඒආර්ටී මැක්ඩොනල්ඩ් මහතා සහ පසුගිය 20 වන දින කොළඹ වරායට පැමිණි කැනේඩියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජේජේ හචින්සන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
22 May 2017
පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201705221620.jpg)
පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
22 May 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.2 ක් සොයා ගැනේ; පුද්ගලයෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201705221315.jpg)
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
22 May 2017