නීති විරෝධී ගංජා හේන් දෙකක් සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව කතරගම, දඹේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී. එහිදී අක්කර භාගයක පමණ නීති විරෝධි ගංජා හේන් දෙකක් සහ පුද්ගලයන් තිදෙනෙකු අද (22) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී, ශාක 3250 ක් පමණ ගිනිතබා විනාශ කිරීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් සහ කතරගම විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කටයුතු කරන ලදී. මෙහි දී අත්අඩංගුවට පත් පුද්ගලයින් තිදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කතරගම පොලිසීය වෙත භාර දීමට කටයුතු කෙරුණි.