අනවසරයෙන් මෙරට මුහුදු සිමාවට ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (23) කෝවිලන් සිට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් (DHOW) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ භාණ්ඩ එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවරයින් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.