වැදගත් සිදුවීම්

නාවික හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
 

ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් අද (30) මාතර, පිටබැද්දර ප්‍රදේශයේ ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ දී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

30 May 2017

රෝගාබාධයකින් මියගිය ගබඩා සහකාර එම්කේ කහවිටගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ගබඩා සහකාර එම්කේ කහවිට යන නාවිකයා කාලයක් තිස්සේ පැවති පිළිකා රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.

30 May 2017

සහනාධාර රැගත් පාකිස්තානු නාවික නෞකා සුල්ෆිකර් කොළඹ වරායට
 

අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30) සවස කොළඹ වරාය‍ට සේන්දු විය.

30 May 2017

සහනාධාර රැගත් තුන්වන ඉන්දියානු නෞකාව කොළඹ වරායට
 

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහයපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වී සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලෂ්වා නෞකාව අද (30) කොළඹ වරායට සේන්දු විය.

30 May 2017

අවහිර වූ සහ හානි වූ පාලම් 2 ක් පිළිසකර කිරීමේ නාවික හමුදා මෙහෙයුම්
 

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක පාලම් 2 කට හානි සිදු වී තිබූ අතර, ඒවා පිළිසකර කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික භට පිරිස් යොදවා ඇත.

30 May 2017