නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 5 දෙනෙකු, 60 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 39 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 6 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (30) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
30 Jun 2017
මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 22 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 24 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය අද (30) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
30 Jun 2017
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් පුත්තලම මදුරන්කුලිය සහ ගලෙන්බිදුනුවැව උපුල්දෙනිය යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (29) දින ජනතා අයිතියට පත් කෙරිණි.
29 Jun 2017
ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිත ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (28) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ දී පැවැත්විණි.
29 Jun 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.
27 Jun 2017