ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී. ඒ අනුව, ඩිංගි යාත්‍රා 5 ක්, පිටත දහන යන්ත්‍ර 5 ක් සමග තවත් උපකරණ තොගයක් සහනාධාර වශයෙන් ගුවන් මගින් මෙරටට රැගෙනවිත් ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෙම සහනාධාර භාර ගැනීමේ අවස්ථාව සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක, නන්දන කුරේ මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා මෙම යාත්‍රා කඩිනමින් දකුණ සහ බටහිර නාවික විධානයන් වෙත බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊයේ (31) දිනයෙත් මෙවැනිම පරිත්‍යාගයන් රැසක් ඕස්ට්‍රේලියානු රජය මගින් සිදු කර ඇත.