වැදගත් සිදුවීම්

නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්වල
 

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් සිටී.

02 Jun 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රසික දිසානායක මහතාගේ සුරතින් අද (ජූනි 2) කුරුණෑගල, වැල්ලව ගම්මානයේදී ජනතා අයිතියට පත් කෙරුණි.

02 Jun 2017

සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.

02 Jun 2017

සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී දී ‍ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jun 2017

පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.

02 Jun 2017