සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ‍ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් සිට ඇති අතර, ඔවුන් ධීවරයින් දැයි පරීක්ෂා කිරීමේදී ඩිංගි යාත්‍රාව ලියාපදිංචි නොවන එකක් බව තහවුරු වී ඇත. තවද, ඔවුන් සතුව ධීවර බලපත්‍ර ද තිබී නොමැත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, විද්‍යුත් මාලිමාවක්, කුඩා ඇන්කරයක් සහ තහනම් දැලක කොටසක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.