සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.

දිර්ඝ කාලයක් අබලන්ව සහ කැලි කසල පිරී පැවති මෙම වැව ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත. නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම වැඩසටහන කොමාණ්ඩර් ඇන්තනී වීරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර ඇත.