වැදගත් සිදුවීම්

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන් ගෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත.

04 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුනි 04) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

04 Jun 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව හලාවත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පිරිසක්, මාරවිල පොලිසීයේ සහය ඇතිව (ජූනි 2) කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු මීගමුව තොඩුවාව පාලම අසල දී අත්අඩංගුවට ගන්නා ලදී.

04 Jun 2017