වැදගත් සිදුවීම්

සහන සේවාවන් සඳහා දායක වූ නාවික පුද්ගලයින්ට නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රසාදය
 

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ සියළු නාවික පුද්ගලයින් හට ඔවුන් දක්වන ලද මෙහෙවර වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඇගයීමට ලක් කෙරුණි.

05 Jun 2017

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ
 

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2017/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි (2) දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික ආයතනයේ දී පවත්වන ලදි.

05 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 05) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jun 2017

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (ජූනි 04), අත්අඩංගුවට ගෙන ඇත.

05 Jun 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරමින් සිටින ප්‍රජා සත්කාරක සේවාව යටතේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (ජූනි 04) ජනතා අයිතියට පත් කෙරිණි.

05 Jun 2017