නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 05) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, තහනම් දැලක් , කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගලක් සහ ඇස් ආවරණයක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව්, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.