නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු ත්‍රිකුණාමලය, නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, තහනම් දැල් ‍ 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3 ක්, පා වරල් යුගලක් සහ මසුන් කිලෝග්‍රෑම් 294 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.