උතුරු- දකුණු සහෝදරත්වයේ වැඩසටහනට උතුරු නාවික විධානයේ සහය
 

උතුරු නාවික විධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගිය (ජූනි 01) දින උතුරු පළාත් සභා ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත භාර දෙන ලදි. උතුරු - දකුණු සහෝදරත්වයේ වැඩසටහනට සහයෝගය දැක්වීමක් වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වයෙන් සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ මෙම සත්කාර්යය සිදු කෙරුණි.

අයහපත් කාළගුණ බලපෑමෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ගරු උතුරු පළාත් ආණුඩුකාරතුමන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා වියළි ආහාර ද්‍රව්‍ය, පාර්සල් 1000 ක් සහ ජල බෝතල් (ලීටර් 5) 495 ක් පමණ උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, එච්ආර්පී ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් එතුමන් වෙත ප්‍රදානය කරන ලදි. මෙම අවස්ථාවට උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් ද සහභාගි වන ලදි.