නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (7) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලමක්, පිටත දහන යන්ත්‍රයක් සහ මීටර් 200 ක් දිගැති මාළු දැලක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව්, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.