වැදගත් සිදුවීම්

නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ.
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෟකාවෙන් පැමිණි සියයකට අධික නාවික පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව ගාල්ල සහ මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල අද දින (ජුනි 12) නිරත විය.

12 Jun 2017

පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
 

තෙදින නිළ සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාධිපති මොහොමඩ් ශකාවුල්ලා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජුනි 12) දින නාවික හමුදා මූලස්ථානයේදී බැහැ දකින ලදි.

12 Jun 2017

වව්නියාව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් වව්නියාව විශ්ව විද්‍යාලයේ ඊයේ දින (ජුනි 12) විවෘත කෙරිණි.

12 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජුනි මස 11 දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු ‍ බෝල්ඩර් පොයින්ට් අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

12 Jun 2017

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් 2017 ජුනි මස 10 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

12 Jun 2017

නිලධාරින් 96 දෙනෙකු අධිකාරියට පත්කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා පාකිස්තානු නාවික හමුදාධිපති
 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරින් 82 දෙදෙනෙකු සහ සේවා ප්‍රවේශ අපේක්ෂකයින් 14 දෙනෙකු ඊයේ (ජුනි 11) අධිකාරියට පත් කරන ලදී.

12 Jun 2017