වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සංචාරය නිමාකළ පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් සිය රට බලා පිටත් වෙයි
 

ශ්‍රී ලංකා සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි14), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පාකිස්ථානය බලා පිටත් විය.

14 Jun 2017

නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව අද (ජුනි 14) ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත විය.

14 Jun 2017

රුසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ සුහද සංචාරයක් සඳහා අද දින (ජූනි 14) කොළඹ වරායට සේන්දු විය.

14 Jun 2017

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් බැහැදකී
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සැපත්ව සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 14) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අරලියගහ මන්දිරයේදී බැහැදකින ලදී.

14 Jun 2017

නාවික පවුල්වල දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2015 හා 2016 වර්ෂවල පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයන්ට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 14), උදේ 0900ට ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.

14 Jun 2017

විශ්‍රාම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත නාවික හමුදා උත්තමාචාරය
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හෙට දින (ජූනි 15), විශ්‍රාම යාමට නියමිතය.

14 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) ත්‍රිකුණාමලයේ, චැපල් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

14 Jun 2017