වැදගත් සිදුවීම්

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව උතුරු මුහුදේ අතරමංව තිබූ ‘සුදීප’ නැමති ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජුනි 15) සහාය විය.

15 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ත්‍රිකුණාමලය, ඇතුළත වරායේ ෆිෂමන් රොක් ආසන්න මුහුදු ප්‍රදේශයේදී කරන ලද මුහුදු සංචාරයකදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

15 Jun 2017

බලනැවි සිඑස් වීරක්කොඩි නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි රිය අනතුරකින් වියෝ වූ බලනැවි සිඑස් වීරක්කොඩි යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

15 Jun 2017