වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (15) රාගම, පේරලන්ද ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම ඖෂධ පෙති මත්විම සඳහා භාවිතා කරන අතර, එම මත් පෙති තොගය නීති විරෝධී ලෙස යතුරුපැදියක් මගින් රාගම ප්‍රදේශයේ බෙදාහැරිම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පෑළියගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.