වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

27 Jun 2017

ලිප්ටන් කුසලාන රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “ලිප්ටන් කුසලාන රුවල් යාත්‍රා ශූරතාවලිය - 2017” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 24 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත් වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම් සමත් විය.

27 Jun 2017