වැදගත් සිදුවීම්

නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 5 දෙනෙකු, 60 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 39 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 6 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (30) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

30 Jun 2017

මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි
 

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 22 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 24 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය අද (30) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

30 Jun 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ, පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

30 Jun 2017