වැදගත් සිදුවීම්

කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මිරිස්ස, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක්, වැලිගම පොලිසීයේ සහය ඇතිව අද (ජූලි 30) කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

30 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 03 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

30 Jul 2017

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි, 29) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.

30 Jul 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (29) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

30 Jul 2017

නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 අද (ජූලි 29) සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධානයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

29 Jul 2017

ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ඉදි කිරීම් රැසක් නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

ත්‍රිකුණාමලයේ සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ විවෘත කිරීම් රැසක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය.

29 Jul 2017

‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සමඟ නාවික හමුදාව අත්වැල් බැඳ ගනී
 

රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙංගු මර්ධන වසංගතයට එරෙහිව සටන් ඇරඹීය.

29 Jul 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි, 29) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

29 Jul 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අධි තාක්ෂණික නෞකාව අද කොළඹ වරායට පැමිණේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය.

28 Jul 2017

එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

28 Jul 2017