නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් 2017 ජුනි මස 29 වන දින ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත.

ගාල්ල, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් සහ 20 ක් වන මෙම පුද්ගලයින් දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිට ඇති අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමෙන් අනතුරුව සුරක්ෂිත ලෙස ගොඩබිම වෙත රැගෙන එමට එම නාවිකයින් කටයුතු කරන ලදි.